Follow Us On

රොටරැක්ට් යනු කුමක්ද?

රොටරැක්ට් යනු වයස අවුරුදු 18 හෝ ඊට වැඩි තරුණ තරුණයින් සඳහා වූ ස්වේච්ඡා සමාජයකි. පසුගිය සය දශකය තුළ, මෙම සමාජය වර්ධනය වී ලොව පුරා සිතාගත නොහැකි පරිමාණයකින් ව්‍යාප්ත වී ඇත. මෙම සමාජයේ සැබෑ ශක්තිය පවතින්නේ තරුණ තරුණියන් අතර ඇති එකමුතුකම සහ සුහදතාවය තුළ ය.

රොටරැක්ට් අද ගෝලීය සංවිධානයක් බවට පත් වූ ආකාරය සැබවින්ම අවබෝධ කර ගැනීමට, අපි එහි මූලාරම්භය දෙස බලමු.

රොටරැක්ට් පිහිටුවීමේ ගමන ආරම්භ වූයේ 1935 දී පෝල් හැරිස් (රොටරි හි නිර්මාතෘ) ඕස්ට්‍රේලියාවට ගොස් රොටරි මූලධර්ම මත ගොඩනැගුණු තරුණ ව්‍යාපාරයක් හමු වූ විටය. ‘පෝල් හැරිස් කව’ සහ ‘රොටර්ස් ක්ලබ්’ වැනි සංගම් ඇතුළු විවිධ නම්වලින් බොහෝ යෞවන සමාජ රොටරි විසින් අනුග්‍රහය දක්වන ලදී. 1965 දී, වයස අවුරුදු 18 ට වැඩි අන්තර් ක්‍රියාකාරීන් ‘Senior Interact’ නමින් නව සමාජ ශාලා පිහිටුවා ගත් බැවින්, අන්තර් ක්‍රියාකාරීත්වය (Interact) හේතුවෙන් මෙම සංවිධානයේ සාමාජිකයින් ඉතාමත් ඉහළ වර්ධනයක් අත්විඳින තත්වයකට පත්වුහ.

මේ අනුව, රොටරි විසින් 1968 දී රොටරැක්ට් වැඩසටහන ආරම්භ කරන ලද. එය ‘රොටරි’ සහ ‘ක්‍රියාව’ (Rotary & Action) යන වචන එකතුවෙන් සකස් කරන ඇත. මිනිස් ප්‍රජාවට සේවය කිරීම තුළින්, නායකත්වය ප්‍රවර්ධනය කිරීම රොටරැක්ට්හි අවසාන අරමුණය. මීට හේතුවෙන්ලෝ කයේ පළමු රොටරැක්ට් සමාජය උපත ලැබීය. එය කැරොලිනා, චාලට් හි රොටරැක්ට් සමාජයයි (1968 – Rotaract Club of North Charlotte, Carolina).

කැරොලිනා, උතුරු චාලට් හි රොටරැක්ට් සමාජය පිහිටුවීමෙන් පසු, බොහෝ රොටරි යෞවන සමාජ නිල රොටරැක්ට් සමාජ බවට පත් කිරීම සඳහා ඔවුන්ගේ නම් වෙනස් කිරීමට කටයුතු කර ඇත.

1990 දශකයේ, රොටරැක්ටර්වරු යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ සහ දකුණු ඇමරිකාවේ බහු-දිස්ත්‍රික් සංවිධාන නිර්මාණය කිරීම සමඟ ජාත්‍යන්තර මට්ටමින් ඔවුන්ගේ සංවිධාන ඒකාබද්ධ කළහ.

වර්ථමානයේ රටවල් 163ක රොටරැක්ට් සමාජ 7,000කට අධික ප්‍රමාණයක් ඇත. රොටරැක්ට් ආසියාවේ, අප්‍රිකාවේ සහ දකුණු ඇමරිකාවේ ශක්තිමත් වන අතර, රොටරි සාමාජිකත්වය සදහා සාමාජික ගාස්තුව ගෙවීම අනිවාර්ය වේ. වර්තමානයේ රොටරැක්ට් ලෝකයේ විශාලතම තරුණ සමාජය විය. එය දිනෙන් දින වර්ධනය වෙමින් පවතී. රොටරැක්ටර්වරුන් ලෙස සිටින අපි, සෑම සතා සිවුපාවෙකුට ආරක්ෂිත හෙට දවසක් ගෙන ඒම අප සතු වගකීමකි.

Written by

Rtr. Aakil Riyaz

Editor

Related Posts

2 Responses

Leave a Reply

410 Gone

410 Gone


openresty