නිප්පා Presidency ඉල්ලමු නේද? ඉස්කෝලෙදි වත් පන්ති නායකයෙක් වෙලා නැති මම අවරුදු 40ක ඉතිහාසයක් තියන රෝටරැක්ට් සමාජයක නායකත්වයට! ඒ ඇසුණු පැනයට මගේ මුවින් මුලින්ම පිටවුන සුන්දර වචනපෙළ වුනේ “උබට පිස්සුද?” යන්නයි.
කොහොමෙන් කොහොමෙන් හරි අදි මදි කරලා මම මෙහ තනතුර බාරගන්නවා. එක එතරම් සුළු පටු කාරණයක් නොවෙයි. මොනවා උනත් පොඩි කලේ ඉදල තිබුන, බාරගත්ත වැඩක් මැරිලා හරි කරන පුරුද්දක්. එක නිසාම මේ අබියෝගය මැරිලා හරි ගොඩ දානවා කියන ඒ ශක්තිය හිතේ දැඩිව තිබුනා.
පළමු අබියෝගය අව්රුද්ද ඇදගෙන යන්න සමබර අධ්‍යක්ෂක මණ්ඩලයක් තෝරාගැනීම. ප්‍රධානම අරමුණ වුණේ පරිණත සාමාජිකයන්ගෙන් සහ නවක සාමාජිකයන්ගෙන් සැදුම්ලත් අධ්‍යක්ෂක මණ්ඩලයක් තෝරාගැනීම. එයට ප්‍රධානම හේතුව, අපි නායකයෙක් විදියට අවරුදු කිහිපයක් ඉදිරිය ගැන හිතන්න ඕනේ නිසා. ඒ අබියෝගයත් කොහොමෙන් කොහොමෙන් හරි තියෙන සම්පත්වලින් ගොඩදාගත්තා. අනතුරුව වාර්ෂික සැලසුම, හැමදෙනාගේම අදහස් යෝජනා එකට එකතු කරන්න අමතක කලේ නෑ. ප්‍රදාන අරමුණ වුනේ අඩුවෙන් පෙන්නලා වැඩියෙන් deliver කරන්න. ඒ අරමුණ ඔලුවේ තියාගෙන අපිට කරන්න පුළුවන් විදියේ වාර්ෂික සැලැස්මක් අපිට සාදාගන්න හැකියාව ලැබුනා.
ඔය විදියට හිමින් හිමින් අපි අපේ අව්රුද්ද පටන්ගත්තා. නායකයෙක් විදියට මට මුහුණ දෙන්න වෙච්ච අත්දැකීම් මෙච්චරි කියන්න අමාරුයි. මම ඒ හැම දෙයක්ම මගේ ජීවිතේ සාර්ථකත්වයට බලපාන අවස්ථාවක් ලෙස තමයි මම බාරගත්තේ. මුහුණ දෙන්න වෙච්ච අබියෝග ගැන කතා කලොත්,
- මානව සම්පත් කළමනාකරණය
- කාල කළමනාකරණය
- මුල්‍ය කළමනාකරණය
ඒ අතර ප්‍රදාන තැනක් ගත්තා.
මානව සම්පත
මානව සම්පත් ගැන කතා කලොත්, එක තමයි මම දකින ඉතාමත් වැදගත්ම වගේම පාලනය කරන්න අමාරුම සාධකය. මොකද ඒ තමයි ඕනෑම ආයතනයක ප්‍රධානම වත්කම. අව්රුද්ද පටන්ගන්නකොට අපට හිටියේ සාමාජිකයන් 48 දෙනයි. ඔවුන්ගෙන් බහුතරයක් අත්දැකීම් සහිත සාමාජිකයන්. නමුත් කෙමෙන් කෙමෙන් අප සමාජයට නවක සාමාජිකයන් එකතු වුණා.
එතන ඉදල තමයි වැඩේ ආමාරු වෙන්නේ. ඔක්කොම අවරුදු 20, 21 පොඩි ළමයි. ඔවුන්ව පාලනයක් කරන්න මට වෙනම විදියක් හොයාගන්න වුණා.. මම කරපු ප්‍රධානම දෙය උනේ මමත් ඔවුන්ගේ වයසට ගිය එක. ඔවුන්ට අනදෙනවා වෙනුවට මම ඔවුන් සමගම වැඩ කල. ඔවුන්ට නායකයෙක් වෙනවට වඩා ඔවුනට හොද සහෝදරයෙක් වෙන්න මම උත්සහ කලා. ඇත්තටම ඒ තුලින් ඇති වෙච්ච බැදීම නායකයෙකු සහ සාමාජිකයෙකු අතර ඇති බැදීමට එහා ගිය දෙයක් වුණා. එම සමීපවීම් ඔවුන්ගේ පෞද්ගික ජීවිතයේ ගැටළු පවා සාකච්චා කරන මට්ටමකට පැමිණ තිබුණා. එම බැදීම අප සමාජයේ සියලුම වැඩ ඉදිරියට කරගෙන යාමට මහත් රුකුලක් වුණා.
නාහෙට ඇහෙන්නේ නැති දගයෝ සෙට් එකක්ම හිටිය. එක එක කෙනාට දෙන්න ඕනේ බෙහෙත් එක එක විදියි. හැමෝටම එකම බෙහෙත හරියන්නේ නෑ. එක තේරුම් ගන්න අපි එම පුද්ගලයට ගොඩක් සමීප වෙන්න ඕනේ. මගෙන් හැමදාම වගේ බැනුම් අහපු සෙට් එකක් ඉන්නවා. ආදරෙන් ඉන්නවා වගේම වැරදි දේ ටිකක් බර කරලා තේරුම් කරන එකත් නායකයෙකුගෙන් වෙන්න ඕනේ. හැමවෙලාවෙම ඒ බනින්නේ ඔවුන්ගේම දියුණුවට යන්න ඔවුනට තේරුම් කරලා දෙන්න අමතක කරන්න එපා.
අනික් වැදගත්ම දෙය තමයි තම සාමාජිකයන්ගේ development එක. නායකයෙක් විදියට අපි දැනගන්න ඕනේ එක එක සාමාජිකයාගේ අවශ්‍යතාවයන්. ඒ වෙනුවෙන් අපි ගොඩක් දේවල් කලා. ගොඩක් පුහුණු වැඩසටහන්, discussions වගේ ගොඩක් දේවල් අපි සංවිධනය කලා. එකෙන් අපේ ප්‍රදාන අරමුණ වුනේ අපේ සාමාජිකයන්ට වටිනාකමක් එකතු කරන එක. ඒ වගේම සෑම අවස්ථාවකදීම සමජිකයන් අගය කරන්න අමතක කරන්න එපා. ඔවුන්ගේ achievement එක ඉතා කුඩා දෙයක් වෙන්න පුළුවන් නමුත් වචනයෙන් හරි ඔවුන්ව අගයන්න.
ඒ වගේම නායකයෙක් විදියට තම සාමාජිකයන්ව අනෙක් පුද්ගලයන්ට සැමවිටම හදුන්වා දෙන්න. එය අපිට ලොකු රුකුලක් වුණා, අපේ සාමාජිකයන් අනිකුත් රෝටරැක්ට් සමාජ වල projects වලට ගෙන්නගන්න. මොකද හදුන්වාදීම තුලින් අපිට පුළුවන් වුණා ඔවුනට අලුත් පිරිසක් හදුන්වා දෙන්න. ඔවුනට නැවතත් projects වලට එන්න හිතෙන්න, එක තවත් ප්‍රධානම හේතුවක් වුණා.
තවත් අමාරුම දෙයක් තමයි සාමාජිකයන්ගේ connection එක ගොඩනගන එක. එක ලේසි දෙයක් නෙවෙයි. වයස පරතරය එකට විශාල බාධාවක් වුණා. එකට පිලියමක් විදියට තමයි Mid Town Sports එලියට එන්නේ. අපි සුහද පාපන්දු, cricket තරග සමාජය තුලම සංවිධානය කරන්න කටයුතු කලා. එය අපිට එම අබියෝගය ජයගන්න මහත් රුකුලක් වුණා.
කාලකළමනාකරණය
අනික් අමාරුම දෙය වුණේ කාල කළමනාකරණය. රාජකාරි වැඩ, අධ්‍යාපනික වැඩ සමග රෝටරැක්ට් වැඩ කළමනාකරණ පහසු වුණේ නෑ. මට කරන්න තිබ්බ එකම දෙය වුණේ මගේ දවස පුළුවන් තරම් උදෙන් පටන්ගන්න. ඒ තුලුන් වැඩ කිරීමට වැඩි කාලයක් හොයාගන්න මට පුළුවන් වුණා. අනික් ප්‍රධානතම දේ, අනෙකුත් වැඩත් සමග රෝටරැක්ට් වැඩ ටික සැලසුම් කලා. රාජකාරි වැඩ වැඩි වෙන කාලයේදී රෝටරැක්ට් වැඩ පොඩ්ඩක් අඩු කලා. ඒ විදියට හැමදේම සමබරව කරන්න පුරුදු වුණා.
ප්‍රධානවම ඔබට හොද සැලසුමක් තිබිය යුතුයි. ඔබට අවශ්‍ය කුමක් ද? කුමන වේලාවේද යන්න ඔබට හොද අවබෝදයක් තිබිය යුතුයි. එම අවබෝදය ඔබගේ සියලුම දේ සැලසුම් කිරීම වඩාත් පහසු වෙනවා.
මුල්‍ය
මුල්‍ය කළමනාකරණය, රෝටරැක්ට් සමාජයකට මෙය තවත් ප්‍රධානතම අබියෝගයක්. Projects වලට මුදල් සෙවීමට අමතරව තවත් දෙයක් පිලිබදව මම සැලකිලිමත් වුණා. මුල්‍ය සම්බන්ධව මගේ ප්‍රදානම අරමුණ වුණේ හැකි තරම් අවම බරක් සාමාජිකයන්ට පටවන්න. මොකද අපේ සාමාජිකයන් වැඩි පිරිසක් තවමත් ඔවුන්ගේ අධ්‍යාපනික කටයුතු කරන පිරිසක්. අනවශ්‍ය මුල්‍ය පීඩනය ඔවුන්ව club එකෙන් ඈත කරන්න පුළුවන් සාදකයක් කියන එක මම අවබෝද කරගත්තා.
පුළුවන් තරම් අපි meetings දැම්මේ cost එකක් යන්නේ නැති තැන්වල. Coffee shop එකකට ගියත්, කොච්චර බඩගිනි වුනත් මම මිලදීගත්තෙත් පොඩි දෙයක්. මොකද එතන ඉන්න පුළුවන් එහෙම දෙයක් ගන්න බැරි සාමාජිකයෙක්, ඒ වෙලාවට ඔවුන්ව අසරණ වෙන්න පුළුවන්. එවන් සිදුවීම් පුළුවන් තරම් අවම වෙන විදියට මම කටයුතු කලා. ඇතැම් අවස්ථාවල සාමාජිකයන්ගේ පිරිවැය club එකෙන් දරන්න අපි තීරණය කලේ එම මුදලට වඩා එම පුද්ගලයා අපට වටිනා බව තේරුම් කරදීමටයි. මම සැමවිටම සාමාජිකයන්ගේ pocket එකෙන් අඩුවෙන් වියදම් වෙන විදියට වැඩ කරන්න තමයි උත්සහ කලේ. සාමජිකයන් තවත් සමජයට ලං වීමට මෙය තවත් රුකුලක් වුණා.
මේ ඔක්කොම කරලත් දෝෂාරෝපණ, කටකතා, ඇති නොවුන නොවෙයි. ඒවා නැත්තම් වැඩකුත් නෑ නේ. ඒ සෑමදේටම වචනයෙන් උත්තර දෙනවට වඩා ක්‍රියාවෙන් ඔප්පු කරලා පෙන්නන්න මම පුරුදු වුණා. මම ගත් ඇතැම් තීරණ සම්ප්‍රදායෙන් ඔබ්බට ගිය ඒවා වුණා. ඒ අවස්ථා වල ගැටළු රැසක් මතු නොවුන නොවෙයි. ඒ සමදෙයකට ක්‍රියාවෙන් පිළිතුරු සැපයීම මම පුරුද්දක් කරගත්තා.
ඔබ ගන්නා තීරණය හරි තීරණයක් නම්, එය වැඩි දෙනාගේ යහපත වෙනුවෙන්නම් එම තීරණය ගැනීමට පසුබට නොවන්න. අවසාන ප්‍රතිපලය දකිනවිට හැමදෙනාම ඔබට හොද කියාවි, ඔබව අගයාවි.
එවන් අත්දැකීම් රැසක් එක්ක සාර්ථකයි කියල කියන්න පුළුවන් විදියට මට මගේ අව්රුද්ද ඉවර කරන්න පුළුවන් වුණේ අමතක නොවන මතකයන් ගොන්නක් Mid Town ඉතිහාස පොත් වලට එකතු කරමිනුයි.
නායකයෙක් හැටියට ඔයා නිවැරදි තීරණ ගෙන හොඳටම කළා. සුභ පැතුම් ! 🙂
තුති මිත්‍රයා