Follow Us On

රත්නපුර රොටරැක්ට් සමාජයෙහි තෙවන ස්ථාපන උත්සවය

Installation Ceremony of the Rotaract Club of Ratnapura.

රත්නපුර රොටරැක්ට් සමාජයෙහි තෙවන සභාපතිනිය Rtr. ජනනි සේනානායක සහ අධයක්ෂක මණ්ඩලයෙහි ස්ථාපන උත්සවය සැප්තැම්බර් 24 වන දින මහීපාල හේරත් ශාලාවහි උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදි. උත්සවයෙහි වැඩ කටයතු ආරම්භ කිරීම සදහා සාම්ප්‍රදායික උඩරට නර්තනයකින් ප්‍රධාන ආරාධිත අමුත්තන් ශාලාවට රැගෙන ඒමෙන් අනතුරුව, ඔවුන් පොල් තෙල් පහන දල්වා ප්‍රධාන මේසයෙහි අසුන් ගන්නා ලදි. 

Chairperson of the ceremony Rtr. Chamishka Jayasekara.
Outgoing Secretary
Outgoing Secretary Rtr. Sachindi Pabasara presenting the Secratary’s report for 2019-2020.

පසුව, රත්නපුර රොටරැක්ට් සමාජයෙහි Sergeant-At-Arms ස්ථාපන උත්සවයෙහි වැඩ කටයතු නිල වශයෙන් ආරම්භ කල අතර  Rtr. දිලිනි රණසිංහ රොටරැක්ට් පිලිවෙත් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රොටරැක්ට් දිස්ත්‍රික් 3220 රොටරැක්ට් ගීතය වාදනය කරන ලදි.

ස්ථාපන උත්සවයෙහි ප්‍රධාන සංවිධායක Rtr. චමිශ්ක ජයසේකර පිළිගැනීමේ කතාව පවත්වා සියල්ලන් පිලිගැනීමන් අනතුරුව, 2019-2020 වසරෙහි නික්ම යන ලේකම් Rtr. සචින්දි පබසරා ලේකම් වාර්තාව ඉදිරිපත් කලාය. එහිදී, වසරෙහි සංවිධානය කරන ලද විවිධ ව්‍යාපෘති සහ ජයග්‍රහණ ඉස්මතු කොට වසරෙහි සාරාංශයක් වීඩියෝ දර්ශනයක් මගින් ඉදිරිපත් කරන ලදි.

Outgoing President

Outgoing of 2019-2020 President Rtr. Udara Athukorala.

ඉන් අනතුරුව, 2019-2020 නික්ම යන සභාපති Rtr. උදාරා අතුකෝරල සභාව අමතා වසරෙහි ප්‍රගතිය සහ සාර්ථකත්වය පැහැදිලි කරමින් පවසා සිටියේ ගෙවුනු වසර රොටරැක්ට් සමාජයේ දීප්තිමත් යුගයක් බවයි. අවසාන වශයෙන්, ඇය, පසුගිය රොටරැක්ට් වර්ෂය සාර්ථක කර ගැනීම සදහා උපකාර කල සියලු දෙනාටම ස්තුතියි කලාය. Rtr. උදාරා, නික්ම යන අධයක්ෂක මණ්ඩලයට සමරු පලක පිළිගැන්වීමෙන් අනතුරුව නික්ම යන අධයක්ෂක මණ්ඩලය Rtr. උදාරාට සමරු පලකයක් පිළිගන්වන ලදි.

Handing over of gavel
Handing over of the gavel to the incoming President.
President

President Rtr. Janani Senanayake addressing the gathering.

රත්නපුර රොටරැක්ට් සමාජයෙහි තෙවන සභාපති ලෙස පත් වූ Rtr. ජනනි සේනානායක සභාව ආමන්ත්‍රණය කර එළබෙන රොටරැක්ට් වසර සදහා ඇයගෙ දැක්ම පැහැදිලි කොට අලුතින් පත්වූ අධයක්ෂක මණ්ඩලය ඉදිරිපත් කරන ලදි.

BOD
Board of Directors for 2020-2021.

උත්සවයෙහි න්‍යාය පත්‍රයට අනුකූලව, සභාව පිළිවෙලින් රොටරැක්ට් දිස්ත්‍රික් නියෝජිත Rtr. PP කසුන් සිගේරා, රොටරැක්ට් දිස්ත්‍රික් සභාපති Rtn. PP අම්ජිත් යූසුෆ්, රෝටරි දිස්ත්‍රික් ආණ්ඩුකාර යෝජිත Rtn. අරුනි මලලසේකර, රත්නපුර ජෙම් සිටි රෝටරි සමාජයෙහි යෝජිත සභාපති Rtn. කාංචන ජයරත්න, සබරගමු පළාත් ආණ්ඩුකාර Rtn. ටිකිරි කොබ්බෑකඩුව සහ ප්‍රධාන ආරාධිත අමුත්තා වන රත්නපුර ජෙම් සිටි රෝටරි සමාජයෙහි වත්මන් සභාපති Rtn. චාල්ස් එම්. රවී ආමන්ත්‍රණය කරන ලදි.

රටෙහි පවතින වත්මන් වසංගත තත්වය සැලකිල්ලට ගනිමින්, Rtn. ක්‍රිශාන්ත මුඛ ආවරණ දහසකින් යුත් පරිතයාගයක් රත්නපුර රොටරැක්ට් සමාජයට කලේය.

Secretary

Secretary Rtr. Kisali delivering the Vote of Thanks.

පසුව උත්සවයෙහි ප්‍රධාන ආරාධිත අමුත්තන් සදහා සමරු පලක පිළිගන්වන ලදි.

Rtr. කිසලි රාජපක්ෂ ස්තුති කතාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සභාපතිනිය Rtr. ජනනි සේනානායක රත්නපුර රොටරැක්ට් සමාජයෙහි තෙවන ස්ථාපන උත්සවය නිල වශයෙන් අවසන් කරන ලදි.

“Badulla & Rathnapura fellowship visit” ගමනට සහභාගි වී රත්නපුර රොටරැක්ට් සමාජයෙහි තෙවන ස්ථාපන උත්සවයට පැමිණි සියලු දෙනාටම ප්‍රණීත බුරියානි සංග්‍රහයක් රාත්‍රී ආහාරය සදහා පිළියෙල කිරීමට රත්නපුර රොටරැක්ට් සමාජය අමතක කර තිබුනේ නැත.

2020-2021 නව රොටරැක්ට් වර්ශය ඉතාමත් සාර්ථක වර්ශයක් වන ලෙසට අප, මැද කොළඹ රොටරැක්ට් සමාජය විසින් රත්නපුර රොටරැක්ට් සමාජයට සුභ පැතුම් එක් කරන්නෙමු.

Written by Rtr. ඔවින් බිම්සර

Related Posts

Leave a Reply

410 Gone

410 Gone


openresty