චීනයෙන් ආරම්භ වී ලොව පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ කෝවිඩ් වසංගතය, දැනට සියල්ල අඩපන කර ඇත. මිනිස් ජීවිත රාෂියක් විනාශ කර දැමූ මෙම රෝගය, තවමත් දෛනික වශයෙන් ජීවිත රාශියක් රැගෙන යමින් සිටිති.
විවිධ රාජ්‍යයන් තම කෝවිඩ් ආසාදිතයින් ගණන අවම කිරීම සදහා මුඛ ආවරණ පැලදීම, අත් සේදීම, සමාජ දුරස්ථභාවය තැබීම ආදි උපදෙස් ජනතාවට දී ඇත. කෝවිඩ් රෝග ලක්ෂණ තහවුරු කිරීම සදහා “PCR” පරීක්ෂණයක් කිරීම අත්‍යවශ්‍යය විය. යම් පුද්ගලයකුට කෝවිඩ් රෝගය ආසාධනයවුවහොත්, එයින් සුව වීම සදහා දින 14 කාලයක නිරෝධානය ලැබීම අනිවාර්ය වේ.
මෙම වසංගතය හේතුවෙන් ආර්ථික, සෞඛ්‍ය සහ අධ්‍යාපන අංශ ද අඩපන වී තිබේ. ආර්ථික වශයෙන් භාණ්ඩ ආනයනය සහ අපනයනය කිරීම සම්පූර්ණයෙන්ම නවත්වා කොට ඇත. මුදල් භාවිතා නොකිරීම හේතුවෙන් ආර්ථිකය තුල මුදල් සංසරණය අවම වී ඇත. මීට පිලියමක් ලෙස අන්තර්ජාලය හරහා භාණ්ඩ මලදී ගැනීම හෙවත් “online purchasing” යන ක්‍රමය ද හදුන්වාදී තිබේ.
සෞඛ්‍ය වශයෙන්ද රෝහල් තම ධාරිතාවට වඩා රෝගීන් හට වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම සදහා දැඩි අසීරුතාවකට පත් වී ඇත. මෙය කෝවිඩ් රෝගය වරධනය වීමට හොද අවස්ථාවක් විය. මෙවන් ත්ත්වයක් වැලකීම සදහා තම ජනතාව හුදකලා කඳවුරු “isolation camps” වෙත යොමු කිරීම සදහා බොහෝ රාජ්‍යයන් කටයුතු කර ඇත.
අධ්‍යාපන අංශයෙන්, පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන්හට ද දුෂ්කරතා රාශියකට මුහුණ පෑමට සිදුව තිබේ. සිසුන්හට, තම අඨ්‍යාපන කටයුතු අන්තර්ජාලය හරහා කිරීමට “online education“ බොහෝ රටවල වාතාවරණය සකස් කොට ඇත. සමහරුන්ට එය භාවිතා කිරීමට හැකියාවක් නොමැතිව තිබිය ද එයට තවමත් විකල්පයක් සොයාගෙන නැත.
තවද මිනිසුන් බොහෝ දෙනෙකුගෙ ද මානසික ස්ථාවරත්වය බිද වැටී ඇත. මෙවන් තත්ත්වයකින් බේරෙන්න, ක්‍රම රාශියක් හදුන්වා දී තිබේ. ශාරීරික ව්යායාම කිරීම, මානසික හා ශාරීරික සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට උපකාරි විය. නව පාඨමාලා ඉගෙන ගැනීම, වැඩිහිටියන්ට මෙන්ම සිසුන්ට ද ප්‍රයෝජනවත්ය.
කොවිඩ් වසංගතය සම්පූර්ණයෙන් විනාශ කිරීම සදහා එන්නතක් සොයාගන්නා තෙක්, මෙයයි අපේ නව සාමාන්‍ය තත්ත්වය.
මෙවන් තත්ත්වයකට මුහුණ දීමේ දී මාගේ පෞද්ගලික මතය වනුයේ, තත්ත්වය කුමක් වූවත් අපි එකිනෙකාට පූර්ණ සහයෝගය දිය යුතුයි, මිනිස් වර්ගයා හැටියට ය.
Writer’s Thoughts